සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථානය (ස.ස.ම)

ස.ස.ම කරනු ලබන්නේ කුමක්ද?

දායකත්වය දරනු ලබන රටවල සහයෝගීතාවයෙන් සේද මාවත ව්‍යාපෘතිය යටතේ පිහිටුවා ක්‍රියත්මක කරනු ලබන සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථාන, සංක්‍රමණය සඳහා අරමුණු කරන පිරිස් වෙත නිසි අවබෝධයකින් යුතුව එම තීරණ ගැනීම සඳහා උදව් වීම පිණිස පිහිටුවා ඇත. එමඟින් සංක්‍රමණය වන, සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන සහ සංක්‍රමණය වීම සඳහා සම්භාවිතාවක් ඇති පිරිස් වෙත සංක්‍රමණය සම්බන්ධ අභියෝග සහ අවස්ථාවන් පිළිබඳ පුළුල් පරායාසයකින් යුතුව තොරතුරු ලබා දීම සිදු කෙරේ.

එම මධ්‍යස්ථාන ක්‍රියා කරනු ලබන්නේ කෙසේද?

උපදේශකවරුන් කණ්ඩායමක් විසින්, පෙෘද්ගලිකව, දුරකථනයෙන් සහ වෙනත් මාර්ගස්ථ වේදිකා මඟින් සුරක්ෂිත සහ විධිමත් සංක්‍රමණයේ වාසිදායකත්වය මෙන්ම, අවිධිමත් සංක්‍රමණයේ ප්‍රතිවිපාක පිළිබඳ දැනුම වර්ධනය කිරීම.

ඒම මධ්‍යස්ථාන කුමක් ලබා දෙන්නේද?

සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථානය වෑයම් කරනු ලබන්නේ;

  • සංක්‍රමණිකයන්, සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන්නන් සහ සංක්‍රමණය සඳහා සම්භාවිතාවක් ඇති අය සඳහා පැහැදිළි හා තේරුම් ගත හැකි තොරතුරු සුරක්ෂිත හා විධිමත් ක්‍රමාණුකූල විදි පිළිබඳ මෙන්ම, නීති රීතීන් සහ අදාළ පෙර සංක්‍රමණික තොරතු ලබා දීම.
  • පෙර සංක්‍රමණික තොරතුරු (අදාළ තැන්හි) සහ එතෙර සේවා ජීවන තත්ත්වයන්, අයිතීන් හා වගකීම්, ආරක්ෂණ ක්‍රම වේදයන් සඳහා ඇතුලත් වීම, ආපසු පැමිණීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු සහා නැවත සමාජානුගත වීම් අරබයා ඇති සහය වැඩසටහන් සඳහා යොමු කිරීම.
  • අවිධිමත් සංක්‍රමණයේ අවධානම, අනතුරුදායක බව සහ එහි ඵලවිපාක පිළිබඳ සංක්‍රමණය සඳහා සමාභාවිතයක් ඇති අයගේ මෙන්ම, පළාත්බද ජනතාවගේ දැනුම වර්ධනය කිරීම.
  • ආපසු පැමිණීම, සම්බන්ධ ක්‍රියාදාමය හා සමාජානුගත වීමට ඇති සහය වැඩසටහන් සඳහා යොමු කිරීම.

ස්වදේශීය හවුල් කරුවන් කවරහුද?

ස.ස.ම තොරතුරු ලබා දෙන්නේ මහජනතාවට හා සංක්‍රමණිකයන් සඳහා පමණක් නොව සෘජුව හෝ වක්‍රව

සංක්‍රමණික තොරතුරු ලබා දෙන හෝ පහසුකම් සපයන රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවාදායකයින්ට ද වේ.තවදුරටත් සංක්‍රමණ කටයුතු කළමණාකරන අදාළ රාජ්‍ය ව්‍යුහය සහ ඒහි පරමාර්ථ වර්ධනය හා පුළුල් කිරීම සඳහා සහය වනු ඇත. තවද අදාළ ප්‍රදේශවල මෙන්ම,වැඩසටහන් වලදී තොරතුරු ලබා දීමේ සැසි පැවැත්විම, වෘත්තීය පුහුණු හා කාර්මික පුහුණු පාසල්, විශ්ව විද්‍යාල, පාසල් මෙන්ම ජනතාව සමඟ ද රැස්වීම් වල දී හා වෙනත් වැඩසටහන් වල දී  සාකච්ඡා පැවැත්වීම.

ස.ස.ම වැඩකටයුතු අදාළ ප්‍රදේශයට අනුගත වන පරිදි සකස්වෙන අතර, ඒ් ඒ් රටවල අවශ්‍යතා පරිදි තව දුරටත් වර්ධනය කෙරේ.මෙම මධ්‍යස්ථාන පිහිටුවීම හා පරිපාලනය අදාළ වගකීම් දරණ රාජ්‍ය නිලධාරීන් හා ‘සංක්‍රමණික ප්‍රතිපත්ති සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය’(ICMPD) විසින් සාමූහිකව මෙහෙය වනු ලැබේ. අවම වශයෙන් ඒක් සම්බන්ධීකරුවකු හා උපදේශකයින් දෙදෙනකු යටතේ මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ.

ස.ස.ම ක්‍රියාත්මක වන්නේ කවර ස්ථාන වලද?

දැනට සංක්‍රමණික මධ්‍යස්ථාන දෙකක් පකිස්තානයේ, ලාහෝර් සහ ස්ලාම්බාද් හි පිහිටුවා ඇති අතර, එක් මධ්‍යස්ථානයක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ද, ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ ඒක් මධ්‍යස්ථානයක් ද, බංග්ලාදේශයේ, ඩකා සහ කුමිල්ලා නගරයන් හි මධ්‍යස්ථාන දෙකක් ද, තජිකිස්ථානයේ, දුෂාන්බි හි එක් මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. ස.ස.ම පාකිස්තානයේ දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක වේ.

වැඩි විස්තර ICMPD සේද මාවත පිළිබඳ වෙබ් පිටුවෙන් ලබා ගත හැක.
https://www.budapestprocess.org/migration-in-the-silk-routes/migrant-resource-centre

පුහුණු කිරීම්

ඔබ විදේශ රැකියාවක නිරතවිමට සැලසුම් කරන්නේද? ස.ස.ම ඒ් සඳහා ඔබට උපකාර කරන ක්‍රම ඔබට දැනගැනිමට අවශ්‍යද?

කරුණාකර මේ සඳහා වෙන් කර ඇති අපගේ වෙබ් පිටුව පරිශීලනය කර, එහි ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉරාකය සහ තජිකිස්තාන සංක්‍රමණිකයන් සහ සංක්‍රමණික සේවකයින් සඳහා ක්‍රියාත්මක වන මාර්ගස්ථ පුහුණු මොඩලයින් වෙත පිවිසෙන්න.

https://www.icmpdsilkroutesmodules.com/

මෙමඟින් සංක්‍රමණයේ හා ශ්‍රම සංක්‍රමණික අවධීන් තුන වන;

  1. පෙර සංක්‍රමණය හෝ පෙර රැකියා ගත කිරීම් අවස්ථාව
  2. පිටත්වීමට පෙර අවස්ථාව
  3. පැමිණීමෙන් පසු අවස්ථාව ආවරණය වේ.

වියහැකි අනුග්‍රාහකයින්, ප්‍රතිලාභින් සහ හවුලු කරුවන් සඳහා තොරතරු;

ඔබ ආයතනය ස.ස.ම වැඩසටහන පිළිබඳ වඩා දැනුවත් වීමට කැමැත්තෙන් ද? අප සමඟ හවුල් විමට කැමැත්තක් දක්වන්නේ ද?ඔබ, ඔබේ රටේ ස.ස.ම වැඩසටනක් ආරම්භ කිරීමට කැමැති රාජ්‍ය ආයතනයක් ද?

අප ඔබගෙන් ප්‍රතිචාර ලබා ගැනීමට බලවත් කැමැත්තෙන් සිටිමු.

ස.ස.ම පිහිටුවීම සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා අමතන්න;

ICMPD Silk Routes
Gonzagagasse 1, 5th Floor, 1010 Vienna, Austria
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
+43 1 504 4677 2358